Press "Enter" to skip to content

අක්කා විවාහ කරගන්න ආ මනමාලයා නංගි එක්ක පැනලා ගිහිං

අක්කා විවාහ කර ගැනීමට පොරොන්දු වී වසර 02ක පමණ කාලයක් තිස්සේ නිවෙසට ආගිය තරුණයකු ඇයගේ නංගි සමග හොර රහසේ පලායාමේ සිද්ධියක් මහනුවර වෙළම්බඩ පොලිසියෙන් වාර්තා වෙනවා.

මව මේ ගැන වෙළම්බඩ පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු නිවෙසින් පලාගිය තරුණිය හා තරුණයා සොයාගෙන තරුණයාගේ මව සහ පියා ද පැමිණිලිකාර කාන්තාව ද පැමිණිලි විභාගය සඳහා පොලිසියට කැදවා ඇති බවත් සඳහන් .

පැමිණිල්ල විභාග කරන අවස්ථාවට අක්කා පැමිණීම ප්‍රතික්ෂේප කර තිබෙන අතර අක්කා විවාහ කර ගැනීමට පොරොන්දු වී වසර 02 පමණ කාලයක් තිස්සේ නිවසට ආ ගිය අවස්ථාවේ ඇයගේ නංගි සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගෙන තිබෙන බව පැමිණිලි විභාගයේදී අනාවරණය වී තිබෙනවා.

තමා විවාහවීමට පොරොන්දු වී සිටි තරුණියගේ නංගි සමග හොර රහසේ පලාගොස් විවාහ වූ බව තරුණයා පැමිණිලි විභාගයේදී පවසා තිබෙනවා. මෙම ඒ බව ඔප්පු කිරිමට තරුණයා විවාහ සහතිකයද ඉදිරිපත්කර තමන් ඇයත් සමග හොඳින් පවුල් කන බව ද පොලිසියට පවසා තිබෙනවා.

More from GossipMore posts in Gossip »