Press "Enter" to skip to content

“දින 14ක කාලයක් රට වසා දමන්න තීරණයක් ගෙන නෑ ” අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා

දින 14ක කාලයක් රට වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරය යන ප්‍රචාර අසත්‍ය බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ, එවැනි කිසිදු තීරණයක් මේ වන විට ගෙන නොමැති බවය.

ලබන ජුනි 01 වනදා සිට දින 14ක කාලයක් රට වසාදමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේය.

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

More from GossipMore posts in Gossip »