Press "Enter" to skip to content

සුදත් සමරවීරගේ උපදෙස් පිලිනොගන්නා බව රජයේ වෛද්‍යවරුන් දන්වයි.. වහා වෙන අයෙක් පත් කරන්නැයි කියයි

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී සුදත් සමරවීර මහතාගේ උපදෙස් තවදුරටත් පිළිනොගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම අංශය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් යටතට පත්කරන ලෙස එම සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා මේ බව සඳහන් කළේය.

තමන් ඉල්ලා සිටි කාරණය සිදුවුණොත් සුදත් සමරවීර මහතා යටතේ කටයුතු කිරීමේ අපහසුව හා ඒ තීරණය තම ශාඛා සමිති වෙත දැනුම් දීම සිදු කරන බවද ඔහු කියා සිටියේය.

වසංගත රෝග අංශය ප්‍රධානියා රටේ නිවැරදි දත්ත නොපෙන්වා රජයත් සමස්ත ක්‍රියාවලියත් නොමඟ යවමින් තිබෙන බව තම සංගමයෙන් මතය වී ඇතැයිද ඔහු පැවසීය.
c news

More from GossipMore posts in Gossip »