බණ්ඩාරගම කැස්බෑවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 150 කට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට අනාවරණ වීමත් සමඟම එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමූ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවාය.
එහි සේවක සේවිකාවන් කීප දෙනකුට විවිධ රෝග ලක්ෂණ පහළ වීමෙන් අනතුරුව සියලුම සේවක සේවිකා උදෙසා සිදුකළ රැපික් ඇන්ටිජන් පරීක්ෂාවේ දී මේ බව තහවුරු වී ඇතැයි වෛද්‍යවරිය කීය
එලෙස ආසාදිත වූ සියයක සේවිකාවන් පදිංචි ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබෙන අතර ආසාදිත සේවක සේවිකාවන් සමහරක් දෙනා අවට නිවෙස්වල නේවාසිකව රැඳී සිටින අතර එම නිවෙස්වල හිමිකරුවන් ද තම සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටින බව වෛද්‍යවරිය පැවසුවාය.
Published in Uncategorized
More from UncategorizedMore posts in Uncategorized »