මෙරට කොරෝනා ආසාදිතයන් වාර්තා වන ආකාරය අනුව දින සියයක් තුළ රෝගීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ස`දහන් කළේය.
කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ ගෙන තිබෙන කි‍්‍රයාමාර්ග අනුව මේ දක්වා රට එවන් අවාසනාවන්ත තත්ත්වයකට පත්ව නැති බවද, මෙම තත්ත්වය තුළ රටේ ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
මෙරටින් කොරෝනා ආසාදිතයන් වාර්තා වෙමින් තිබෙන ආකාරය අනුව අඛණ්ඩව දසවැනි දිනටත් දෙදහස ඉක්මවූ රෝගීන් සංඛ්‍යාවක් ඊයේ (18 වැනිදා) දිනයේදීද හ`දුනාගනු ලැබිණි.
තවත් කොරෝනා ආසාදිතයන් 2508 දෙනකු ඊයේ පස්වරු 8.00 වන විට හදුනා ගැනීමත් සමග ඒ බව සනාථ වූ අතර ඒ අනුව ගෙවී ගිය දින දහයක කාලය තුළ මෙරටින් වාර්තා වූ ආසාදියන් ගණන 24476 ක් විය.
මේ අනුව ගෙවී ගිය එකී දින දහය පිළිබ`ද අවධානය යොමු කිරීමේදී මෙරට දෛනික කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ සාමාන්‍යය දිනකට ආසාදිතයන් 2370 ක් පමණ වී තිබිණි.
මේ තත්ත්වය තුළ මුළු රටම ඉතා භයානක තත්ත්වයකට පත්වෙමින් තිබෙන බව සෞඛ්‍ය විශේෂඥයෝ ස`දහන් කරන්නාහ.
ආසාදිතයන් වාර්තා වීම මෙන්ම අලූත් අවුරුදු පොකුර හෙවත් මෙරට කොරෝනා තුන්වැනි රැුල්ලේ මතුවීමත් සම`ග දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාවද ශීඝ්‍ර ලෙස ඉහළ යමින් ඇත.
කොරෝනා ආසාදනය වීමෙන් සිදුවූ තවත් මරණ 19 ක් පෙරේදා දිනය තුළ වාර්තා වී තිබුණු අතර එම මරණ ගණනත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දහසේ සීමාවට ආසන්න වෙමින් 981 ලෙස සදහන් විය.
එසේම මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණනද ඊයේ පස්වරු 6.30 වන විට වාර්තා වූ ආසාදිතයන් 2508 සම`ග 146936 දක්වා ඉහළ ගියේය.
එසේම කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 1516 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අංශ ස`දහන් කළ අතර ඒ අනුව කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලැබීමෙන් පසු පූර්ණ සුවය ලද පිරිසද 121145 පවට පත් විය.
එසේම රට මෙවන් බරපතළ තත්ත්වයක තිබියදී නිරෝධායන නීති කඩ කළ තවත් පුද්ගලයන් 223 දෙනකු පෙරේදා (17දා) දිනය ගෙවී යද්දී අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.
ඉන් 141 දෙනකුම අත්අඩංගුවට ගෙන ඇත්තේ නිවෙස්වලින් බැහැරට යෑමට හදුන්වා දුන් හැදුනුම්පත් ක්‍රමය කඩකිරීමෙන් බවද අජිත් රෝහණ මහතා පෙන්වා දුන්නේය.






