Press "Enter" to skip to content

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් විකුණා ඇති බවට චෝදනාවක්

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව රුපියල් 5,000කට අලෙවි කිරීමේ සිද්ධියක් වාර්තා වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරයි.

අද (19) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් ඒ බව පවසා තිබේ.

මෙරට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් පිරිසට දෙවැනි මාත්‍රාව ලබාදීමට තවත් මාත්‍රා ලක්ෂ 6ක් අවශ්‍ය බව බලධාරීන් පවසයි.

මේ අතර, කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ සයිනොෆාම් හා “ස්පුට්නික් v” යන එන්නත්වල පළමු මාත්‍රා ලබාදීම අදත් සිදුවිය.

ඊයේ දිනයේ සයිනොෆාම් පළමු මාත්‍රාව 33,017 දෙනෙකුට ලබාදී ඇති අතර “ස්පුට්නික් v” පළමු මාත්‍රාව 17 දෙනෙකුට ලබාදී තිබේ.

කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ 5,229 දෙනෙකුට ලබාදුන් බවද වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේය.

More from GossipMore posts in Gossip »