Press "Enter" to skip to content

කොරෝනාවෛරසය තවමත් සමාජගත වෙලා නැද්ද?

මේ වන විට තමන්ට කොරෝනා වැළඳුණේ කෙසේ ද? යන්න හඳුනා ගත නොහැකි රෝගීන් වාර්තා වෙමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසන්නේ, මෙම තත්ත්වය යටතේ කොරෝනාවෛරසය සමාජගත වීමක් සිදුව ඇති බව සැලකිය හැකි බවය.

කෙසේ වෙතත්, කොරෝනාවෛරසය සමාජගත වී ඇති බව පැවසීමට තරම් සාධක හමුවී නොමැති බව අද පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

“සමාජගත වීමයි කියන කියන වචනය පාවිච්චි කිරිමට තරමට සාධක නැහැ. යම් ප්‍රතිශයත් පමණයි ආශ්‍රිතයෙක් හෝ මූලාශ්‍රයක් හොයා ගන්න බැරුව ඉන්නේ.”

More from GossipMore posts in Gossip »