පානදුර මෝදරවිල කර්මාන්ත පුරවරයේ පිහිටි දිවයිනේ ප‍්‍රසිද්ධ ඇඟලූම් ආයතනයක සේවය කරන සේවකයන් 400 කට කොවිඞ් වෛරසය ආසාදනය වී ඇතැයි පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
කර්මාන්තශාලාවේ සේවකයන් 2000 කට පමණ පීසීආර් පරීක්ෂණ සිදුකොට ඇති අතර එහි ප‍්‍රතිඵල අනුව 400 කට කොවිඞ් ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ උසස් නිලධාරියකු ප‍්‍රකාශ කළේය.
ආසාදිතයන් සියලූ දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත ඇතුළත් කළ බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
පානදුර දීපිකා කාරියවසම්






