Press "Enter" to skip to content

මාස 8ක් ගැබිණි වෛද්‍යවරිය කොරෝනාවෙන් මියැදෙද්දී කියපු හද කකියවන කතාව (VIDEO)

දෛනිකව ඉහළ යන කොවිඩ් රෝගීන් වෙනුවෙන් නිසි පහසුකම් සැපයීමට ඉන්දීය සෞඛ්‍ය අංශ අපොහොසත්වීම හේතුවෙන් වයස් භේදයකින් තොරව රට පුරා විශාල පිරිසක් මියයමින් තිබීම ඉතා ඛේදනීය තත්ත්වයක් බව ඉන්දීය මාධ්‍ය තවදුරටත් පෙන්වා දෙයි.

කොවිඩ් ආසාදිතව දින ගණනාවක් මුළුල්ලේ ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නියැලුණු වෛද්‍යවරියක් සිය අවසන් හුස්ම හෙළීමට පෙර ජනතාවට ප්‍රකාශ කළේ, “කොරෝනා වෛරසය සරලව ගන්න එපා. මට කතා කර ගන්නවත් බෑ. ඒත් මේ පණිවුඩය මට ඔයාලට දෙන්න ඕනේ, එළියට හැම වෙලාවකම මාස්ක් එකක් දාන්න, මේ වගේ කාටවත් වෙනවට මම කැමැති නෑ. විශේෂයෙන් ගර්භනී අවස්ථාවක.” ලෙසයි.

ඩිම්පල් අරෝරා නම් මේ වෛද්‍යවරිය කොවිඩ් ආසාදනය වන විට මාස හතක ගැබිනියක් වූ අතර ඇය මියයාමට පෙර දින ඇගේ කුස තුළ සිටි කළලයද බේරා ගැනීමට නොහැකි වූ බව වෛද්‍යවරුන් සඳහන් කළේය.

https://youtu.be/kNpF9bIGXns
More from GossipMore posts in Gossip »