Press "Enter" to skip to content

තවත් ඇඟළුම් කම්හලකින් කොවිඩ් ආසාදිතයින් 261ක් සොයා ගැනේ

මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි ඇඟළුම් කම්හලක සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් එම ඇඟළුම් කම්හලේ සේවකයින් 261ක් දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව මුලතිව් සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.

මුලතිව් සෞඛ්‍ය අංශ පැවසූවේ අදාළ ඇඟළුම් කම්හලේ සේවකයින් පිරිසකට කොවිඩ් වෛරසය වැළදි ඇති බවට මීට පෙර සිදුකරන ලද පි.සි.ආර් පරීක්ෂණ මඟින් තහවුරු වි ඇති බවයි.

අදාළ පි.සි.ආර්. පරීක්ෂණ වාර්තා පදනම් කර ගනිමින් ඇඟළුම් කම්හලේ සේවකයින්ගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පැවැත්වීම අද (17) සිදුකොට ඇති බවයි මුලතිව් සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකොට ඇති අතර ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායනය වෙනුවෙන් යොමුකොට ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

More from GossipMore posts in Gossip »