Press "Enter" to skip to content

සංචරණ සීමා මැද්දේ ජයටම කරගෙන ගිය මොරටුව සැප කඬේ වටලයි

ලංකාවටම සංචරණ සීමා පනවා ඇති 2021-05-15 දින මොරටුව වීර පුරන් අප්පු රජ මාවතේ අංක 400 දරණ ස්ථානයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බව මොරටුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ක‍්‍රිෂාන්ත ලොකුගේ මහතාට ලද තොරතුරක් මත මොරටුව ලූ‍නාව ප‍්‍රදේශයේ ලැගුම්හලක ගණිකා සේවයේ යෙදී සිටි කාන්තාවන් 3ක් සහ ඔවුන්ගේ ඇසුර ලබා ගැනීමට පැමිණි පිරිමි පුද්ගලයන් 2ක් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට පත් කාන්තාවන් 35,37,40 යන වයස් කාණ්ඩවලට අයත් වන අතර පිරිමි පුද්ගලයන් වයස අවුරුදු 30 සහ 32 වයසේ පසුවන්නන් වන අතර මෙම ලැගුම්හල ඉදිරිපසින් අගුළු දමා එම ඇසුර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් පසුපස දොරෙන් ඇතුළත් කර ගන්නා බව පොලීසිය විසින් ප‍්‍රකාශ කරන ලදී

මෙම කාන්තාවන් තිදෙනා සහ පිරිමි පුද්ගලයන් දෙදෙනා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයින් වන අතර පිරිමි දෙදෙනා බස්රථ රියදුරන්ය.

අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු සන්තකයේ තිබී හෙරොයින් පැකට් දෙකක් සොයා ගන්නා ලදී.

මෙම ස්ථානය පවත්වාගෙන යන පුද්ගලයා මොරටුව උස්වත්ත ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය අනාවරණය කර ගන්නා ලදී.

මෙම අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා සහ පිරිමින් පුද්ගලයන් දෙදෙනා පොලිසිය වෙත රැගෙන ගොස් ඔවුන්ට විරුද්ධව නීතිමය කටයුතු ක‍්‍රියාත්මක කරන බව මූලස්ථාන පොලිස් පරීක්ෂක තුමා විසින් ප‍්‍රකාශ කරන ලදී.

More from GossipMore posts in Gossip »