සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුල පුත්තලම, මුල්ලිකුලම් ප්රදේශයේ පාළු නිවසක් තුළ බූරු ගසමින් සිටි පුද්ගලයින් 19 දෙනෙක් පුත්තලම පොලිසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලිකුලම් ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර මොවුන් වයස අවුරුදු 20 – 30 අතර සීමාවල පසුවන්නන්.
පොලිසියට ලද තොරතුක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර නිරෝධායන නීති උල්ලංඝණය කරමින් සූදු ක්රීඩාවේ නියැලී සිටි මෙම පිරිස පී.සී.ආර්. පරික්ෂාවන් සඳහා යොමුකර ඇති අතර ඔවුන් පුත්තලම මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.






