බිරින්දෑවරුන් හා ස්වාමිපුරුෂයන් හුවමාරු කර ගැනීමේ සංගමය නමින් මුහුණු පොතේ ගිණුමක් පවත්වාගෙන යමින් කාන්තාවන්ගේ ඡායාරූප පළ කර ඊට වදන් එක් කළ බව කියන 25 හැවිරිදි ගුවන් හමුදා සෙබළකු මතුගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියමකර ඇත.
මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ බදුරලිය ප‍්‍රදේශයේ පදිංචි රංග නිරෝෂණ නම්වූ අයටය.
කාන්තාවන් විශාල පිරිසකගේ ඡායාරූප මීට එක්කර ඇති අතර ඒවා සමග ඉතාමත් අසභ්‍ය වදන් පළකර ඇති බව පොලිසිය කියයි.
මේ පිළිබඳව ලැබී තිබුණු පැමිණිලි අනුව කළුතර කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් විශේෂ බුද්ධි මෙහෙයුමකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන් හමුදා ඩ්‍රෝන කැමරා කි‍්‍රයාකරුවක වන සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ කාන්තාවන්ගේ රූප සමග අසභ්‍ය වදන් පළ කරමින් ලිංගික අතවර කිරීමේ කරුණු මතය.
මොහු ඒ සඳහා යොදාගත් ජංගම දුරකථන ආදිය ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික පි‍්‍රයන්ත, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර කොට්ඨාස අපරාධ ඒකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර, උප පොලිස් පරීක්ෂක ජයන්ත විජේසිංහ, කොස්තාපල්වරුන්වන තිලකරත්න (80621) සහ සිංහාරච්චි (35045) යන මහත්වරුන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.






