කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් නිරෝධායනයට ලක් කර ඇති පවුල් සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ වල ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය සහන මල්ලක් ලබා දීමට කටයුතු සලසා ඇති බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ, අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය 20ක් ඇතුළත් රු. 5000/= ක් වටිනා සහන මල්ලක් ලබා දීමට සතොස ආයතනය විසින් කටයුතු සලසා ඇති බවය.
ඒ අනුව, මෙම සහන මල්ල බෙදා හැරීමේ කටයුතු ඒ ඒ ප්‍රදේශ අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් විසින් සිදු කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ අමාත්‍යංශය දැනුම් දෙයි.
එම අමාත්‍යංශය සඳහන් කළේ, මෙම භාණ්ඩ ඇතුළත් සහන මළු අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නිකුත් කිරීමට පමණක් සතොස අලෙවි සල් ජාලය හා සමූපකාර අලෙවි සල් ජාලය විවෘතව තැබෙන බවය.
සහන මල්ල සඳහා ඇතුළත් වන භාණ්ඩ මෙසේ ය.
- සුදු නාඩු සහල් 10kg
- රතු කැකුළු සහල් 5kg
- පාන් පිටි 3kg
- අල(දේශීය) 3kg
- රතු පරිප්පු 2kg
- සුදු සීනි කිලෝ 1kg
- දුඹුරු සීනි කිලෝ 1kg
- හාල්මැස්සන් (තායි) 500g
- බී ළූණු 3kg
- තේ කොළ 200g
- ගම්මිරිස් 100g
- ලුණු කැට 1kg
- මිරිස් කුඩු 200g
- සෝයා මීට් 90g පැකට් 02
- දෙවැනි බත 350g
- නූඩ්ල්ස් 1kg
- ක්‍රීම් ක්‍රැකර් බිස්කට් 500g
- මාරි 300g පැකට් 1
- මුහුණු ආවරණ 10
- විෂබීජ නාශක දියර 100ml






