Press "Enter" to skip to content

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ආසාදිතයකු මියයයි

බණ්ඩාරවෙල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු ඊයේ (13 වැනිදා) මියගොස් ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මෙසේ මියගොස් ඇත්තේ මොනරාගල සිට පැමිණ ප්‍රතිකාර ලබමින් සිටි 55 හැවිරිදි පුද්ගලයකු බව සෞඛ්‍ය අංශ තහවුරු කළේය.

මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු බණ්ඩාරවෙල දී කෝවිඩ් සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව සිදු කිරීමට නියමිතව තිබුණි.