Press "Enter" to skip to content

ඇඟලුම් හලේ අවුරුදු උත්සවයෙන් කොරෝනා පොකුරක්

නිරෝධායන නීති නොතකා පසුගිය අපේ‍්‍රල් 24දා සිංහල හින්දු අලූත් අවුරුදු උත්සවයක් පැවැත්වූ කොලොන්න ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හලක සේවක සේවිකාවන් අතරින් 140 දෙනකුට කළ පී.සී.ආර් පරීක්‍ෂණවලින් 33කුට කෝවිඞ් ආසාදිත බව 14දා තහවුරුවීමෙන් පසු එම කම්හල වසා දැමූ බව සෞඛ්‍ය බලධාරීහූ පවසති.

සේවක සේවිකාවන් අටසියයකට ආසන්න පිරිසක් මෙම ඇ`ගුම් කම්හලේ සේවය කරති. නිරෝධායන නීති නොතකා සිංහල හින්දු අලූත් අවුරුදු උත්සවය පැවැත්වීමෙන් දින දහයකට පසු රෝගී තත්ත්වයකට ප‍්‍රතිකාර ගැනීමට ගම්පහ ප‍්‍රදේශයේ රෝහලකට ගිය එහි තත්ත්ව පරීක්‍ෂකවරයෙකුට කළ රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණයකින් ආසාදිත බව තහවුරුව තිබේ.

පසුව ඒ බව කොලොන්නේ දැනුම් දීමෙන් අනතුරුව එදින සිට පසුගිය 10දා තෙක් ඇගලූම් කම්හල පාලනාධිකාරිය විසින් වසා දමා දමනු ලැබීය. වසා දැමූ ඇගලූම් කම්හල යළි මැයි 10දා විවෘත කරනු ලැබීය. එදින සේවක සේවිකාවන් 140 දෙනෙකු පිසීආර් පරීක්‍ෂණයට ලක්කර තිබේ. ඉන් 40 දෙනෙකුගේ පීසීආර් පරීක්‍ෂණ ප‍්‍රතිඵල 12දා ලැබී තිබුණි. ඉන් කිසිවෙකුටත් ආසාදිත බවක් ස`දහන්ව නොතිබුණි.

More from GossipMore posts in Gossip »