Press "Enter" to skip to content

ඇඟලුම් කර්මාන්තයට සංචරණ සීමා නැහැ – යුද හමුදාපති

ඇඟලුම් කර්මාන්තයේ ක්‍රියාකාරීත්වයට සංචරණ සීමාවලින් බාධාවක් නොමැති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඇඟලුම් කර්මාන්තයේ ක්‍රියාකාරීත්වයට අවසර දී ඇතැයි යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

ඇඟලුම් නිෂ්පාදන, බෙදාහැරීම, ආනයනය සහ අපනයනය වැනි කාර්යයන් ආරක්ෂක බුබුළු ක්‍රමයට අනුගතව කළ හැකි බව යුද හමුදාපති ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

More from GossipMore posts in Gossip »