Press "Enter" to skip to content

කොරෝනා වයිරසයෙන් හිමි නමක් අපවත්වෙති

අනුරාධපුර සාරානන්ද පිරිවෙන් ආචාර්ය තලංපිටියේ මෙත්තානන්ද හිමියෝ කොරෝනා ආසාදනය වීමෙන් අපවත් වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙත්තානන්ද හිමියෝ සිය කුටිය අසල ඇද වැටි සිටියදී අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ් වන විටත් අපවත් ව සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි.

ඒ් හිමියන්ගේ දේහය පිළිබඳ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

අපවත්වන විට ඒ් හිමියෝ 64 වියෙහි පසු වූහ.

ඒ් හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද සවස අනුරාධපු නිසල උයන ආදාහනාගාරයේදී සිදු කෙරිණි.

More from GossipMore posts in Gossip »