Press "Enter" to skip to content

කොරෝනා රෝගී ඉන්දියානුවන් ගාල්ලෙන් මතුවෙයි

කොවිඩ් 19 ආසාදිත ඉන්දීය ජාතිකයින් 5 දෙනෙකු ගාල්ල ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා.

මොවුන් ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ජාතික කාන්තාවන් දෙදෙනෙකු සහ ඔවුන් දෙදෙනාගේ දියණියන් තිදෙනාට මෙලෙස කොවිඩ් 19 ආසාදිත බවට හඳුණාගත් බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළා.

මෙම පුද්ගලයින් අප්‍රේල් 30 වනදා අදාළ සංචාරක හෝටලය වෙත පැමිණ ඇති බව සඳහන්.

මැයි 05 වනදා මොවුන්ව PCR පරීක්ෂණයකට භාජනය කර ඇති අතර එහි ප්‍රතිඵල පැමිණි පසුව අනාවරණය වී ඇත්තේ ඔවුන් 5 දෙනාම ආසාදිතයින් බවට යි.

මොවුන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචිකරුවන් බව වාර්තා වෙනවා.

More from GossipMore posts in Gossip »