Press "Enter" to skip to content

කළුතර 31 හැවිරිදි නිවුන් දරු ගැබිනියක් නිවසේදී ජීවිතක්ෂයට

මෘත දේහය පි.සි.ආර්. පරික්ෂණය සදහා නාගොඩ රෝහල

කළුතර දොඩම්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ අඹගහකුඹුර ගම්මානයේ පදිංචිව සිටි ගැබිනි මාතාවක් නිවස තුළ සිහිසුන්ව ඇද වැටී ඊයේ (10) පිවිතක්ෂයට පත්ව ඇතැයි දොඩන්ගොඩ පොලීසිය පවසයි.

මියගිය අය 31 හැවිරිදි දෙදරු මවක් වන අතර, මිය යන විට එම කාන්තාවගේ කුස තුළ දරුවන් දෙදෙනෙකු පිළිසිඳගෙන සිටි බව සිදුකළ පරික්ෂණවලින් අනාවරණය වී ඇතැයි දොඩම්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුගත් නිරීඇල්ල මහතා පැවසීය. මෘත දේහය පි.සි.ආර්. පරික්ෂණය සදහා නාගොඩ රෝහලට ගෙන ගොස් ඇත. ඇයට සිදුවූ මරණය කොරෝනාවෙන් සිද්ධවූවක්දැයි තවම අනාවරණයවී නැත.

සිද්ධිය සම්බන්ධයෙන් දොඩම්ගොඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

More from GossipMore posts in Gossip »