Press "Enter" to skip to content

ගෝඨාභය රාජපක්ෂ දැන්වත් දෝලාවෙන් බහින්න – අනුර දිසානායක (VIDEO)

තෙතමනයක් නැති, සහකම්පනයක් නැති, අනෙකා ගැන හැඟීමක් නැති වියළි මිනිසුන්ට රටක් පාලනය කරන්න බැරි බව පෙන්නුම් කරමින් ඇති බැවින් ගෝඨාභය රාජපක්ෂ මහතා දැන්වත් දෝලාවෙන් බිමට බැස අනෙකාට ඇහුම්කන් දිය යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

අද (11) පෙරවරුවේ එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී දිසානායක මහතා මේබව කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට ජවිපෙ නායකයා සමඟ එම පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද එක්ව සිටියහ.

එම මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ කියා සිටියේය.