Press "Enter" to skip to content

සෞඛ්‍ය නීති කැඩු විවාහ උත්සවයේ 11කට කොරෝනා

සෞඛ්‍ය නිතිරිතිවලට අනුගමනය නොකර පැවැත් වූ මංගල උත්සවයක මනාල යුවළ ඇතුළු 11 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග කොස්වත්ත මැද කිරිමැටියාන ග්‍රාම නිලධාරි වසමට අද පෙරවරුවේ සිට සංචරන සීමාවන් පැනවු බව දන්කොටුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කාර්යාලය කියයි.

මැද කිරිමැටින ප්‍රදේශයේ උත්සව ශාලාවක පසුගිය 9 වන දින මෙම විවාහ මංගලෝත්සවය පවත්වා ඇති අතර ඊට පනවා ඇති සෞඛ්‍ය නිති රිති නොතකා 140 දෙනකු සම්බන්ධවි තිබු බව වාර්තාවීම නිසා සිදු කළ පි.සී.ආර්. පරික්ෂණයකට යොමු කර ඇත.

එම පරික්ෂණවල ප්‍රතිඵල අනුව 11 දෙනකු කෝවිඩ් 19 ආසාදිතයින් බව හෙළි ඇති නිසා එම මැද කිරිමැටියාන ප්‍රදේශයට සංචරණ සීමාවන් පැනවිමට සිදුවු බවත් කියයි.

More from GossipMore posts in Gossip »