Press "Enter" to skip to content

අම්මා රට ගිය පසු නරුම පියා නව හැවිරිදි දැරිය අඹුකමට අරන්

තම නව හැවිරිදි බාලවයස්කාර දියණිය 2019 වසරේ සිට අවස්ථා කීපයකදී බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන හතළිස් නව හැවිරිදි නරුම පියෙකු පෙරේදා 9දා සවස ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් කුඩා ගලෙන්බිඳුණුවැව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කුඩා ගලෙන්බිඳුණුවැව ප‍්‍රදේශයේ ගම්වැසියන් කීපදෙනෙක් විසින් පොලිසිය වෙත නිර්නාමිකව යොමුකළ ලිපියකට අනුව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වූ තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ගලෙන්බිඳුණුවැව ප‍්‍රදේශයේ පාසලක හතර වෙනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන වින්දිත දැරියගේ මව 2019 වසරේ ගෘහ සේවය සඳහා විදේශගතව සිටින අතර තමා යළි මෙරටට පැමිණෙන තෙක් දැරිය රැුක බලා ගැනීම සඳහා මව විසින් රැුකියා විරහිත සිය සැමියා හට භාර දී ගොස් තිබිණි.

එසේ සිටින අතරතුර සැකකාර පියා විසින් තම දැරිය මෙලෙස ලිංගික අපයෝජනයට ලක්කොට ඇති බව ගලෙන්බිඳුණුවැව පොලිසිය දැරියගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.

සැකකරු ඊයේ (10* අනුරාධපුර මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

More from GossipMore posts in Gossip »