Press "Enter" to skip to content

පවුලක 4කට කොවිඩ් – ගැබිනියක් සහ බිළිඳෙකුත් ඒ අතර

තිස්සමහාරාම, දෙඹරවැව ප්‍රදේශයේ ගැබිනි කාන්තාවන් ඇතුළු එකම පවුලේ සිව්දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

අදාළ ගැබිනි කාන්තාව මේ වන විට මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.

ඇයගේ ස්වාමිපුරුෂයාට මෙන්ම නැගණියට ද, නැගණියගේ මාස තුනක් වයසැති බිළිඳාට ද මෙලෙස කොවිඩ් ආසාදනය වී තිබේ.

ඔවුන් පසුගියදා මහරගම ප්‍රදේශයේ සාදයකට සහභාගී ඇති බව වාර්තා වේ.

එම සාදයට සහභාගී වූ 17දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ද හඳුනාගෙන තිබේ.

මීට අමතරව විවාහ මංගල උත්සවයකට සහභාගී වූ දෙනියාය, කොටපොල ප්‍රදේශයේ පුද්ගලයින් 06 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදුකර ඇති අතර ඉන් එකම පවුලේ 05 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

ගැබිනි මව්වරුන් සහ කුඩා දරුවන් නිවෙස්වලින් පිටතට යාම දැඩි ලෙස සීමා කළ යුතු බව හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසයි.

More from GossipMore posts in Gossip »