රට වසා දැමීමට දැනට තීරණයක් ගෙන නැතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අදහස් දක්වමින් යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ, රට වසා දැමීමක් සිදු නොකළ ද පළාත් අතර සංචාරණ සීමා පැනවීමක් ඉදිරි දින කිහිපය තුළ සිදු විය හැකි බවය.
ඒ අනුව, බොහෝ විට බස්නාහිර පළාතෙන් පිට පළාත්වලට ඇතුළු වීමට සීමා පැනවීමක් සිදු වනු ඇති බව යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ ය.
යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ, එසේ වුව ද ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම හා ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවා සැපයීම ආදිය සඳහා එම සීමා පැනවීම බාධාවක් නොවන බවය.
ඒ අනුව, විනෝද චාරිකා හා නිකරුනේ ජනතාව ගමන් බිමන්වල යෙදීම වැනි ක්‍රියාකාරකම්වලට ඉදිරියේදී සීමා පැනවෙනු ඇති බව යුද්ධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.






