Press "Enter" to skip to content

තත්ත්වය බරපතළයි – ජීඑම් ඕඒ අනතුරු අඟවයි

කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් කිනම් ප‍්‍රකාශ සහ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කළත් රට ඉතාම නරක මට්ටමින් ඉන්දියාවේ තත්ත්වයටම ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ මහතා ඊයේ පැවසීය.

මෙම තත්ත්වය සුළුවට හෝ සරලව නොතකන මෙන් නැවතත් රජයට සහ සෞඛ්‍ය අංශවලට දන්වා සිටින බව අවධාරණය කළ හෙතෙම, මෙය කොරෝනා පළමු රැුල්ල මෙන් සරල අවස්ථාවක් නොවන බවත් ඉතා භයානක රැුල්ලක් බවත් තවදුරටත් පැවසීය.

ඉදිරි දින කිහිපය තුළ බරපතළ ලෙස රෝගීන් වැඩිවීමේ ප‍්‍රවණතාවක් පවතින බව සඳහන් කළ වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ මහතා එහිදී මතු විය හැකි අපහසු තත්ත්වයට මුහුණදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුව ඇති බව කියා සිටියේය.

රෝගීන් වැඩි වීමත් සමග ඔවුන් රෝහල්ගත කිරීමේ පමාවක් දිගටම වාර්තා වන බවත් එම ප‍්‍රමාදයන් කඩිනමින් විසඳිය යුතු බවත් වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

More from GossipMore posts in Gossip »