මස්කෙලිය, නො(ර්)වුඩ් ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 100ක් අතරින් 09 දෙනෙකු කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබේ.
සේවක පිරිසක් හදිසියේ රෝගීවිම හේතුවෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී එම ආසාදිතයින් හඳුනාගත් බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි.
මේ අනුව එම කර්මාන්ත ශාලාවේ සේවකයන් ද ඇතුළුව ආශ්‍රිතයින් 280ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කටයුතු කර ඇත.






