Press "Enter" to skip to content

පිළියන්දල පොදු වෙළෙඳ පොළෙන් ආසාදිතයින් 101ක් – පොදු වෙළෙඳ පොළ වසා දැමේ

කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් හඳුනාගැනිම හේතුවෙන් පිළියන්දල පොදු වෙළෙඳ පොළ නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ.

වෙළෙඳ පොළේ පුද්ගලයින් සඳහා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී ආසාදිතයින් 101 දෙනෙකු හඳුනාගැනිම හේතුවෙන් එම පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසුවේය.

පසුගිය 07 වනදා 269 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබුණි.

පවතින තත්ත්වය හමුවේ පිළියන්දල පොදු වෙළෙඳ සංකීර්ණය අද (09) දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට සෞඛ්‍ය බලධාරින් හා පිළියන්දල පොලීසිය එක්ව පියවර ගත් බව “අද දෙරණ“ වාර්තාකරු පැවසිය.