Press "Enter" to skip to content

රාජ්‍ය ආයතනවල ගර්භනී සේවිකාවන් සේවයට කැඳවීම තාවකාලිකව නවතී

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ,රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවා අවම සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යෑමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට අවසර ලබා දී තිබේ.

අද (09) පැවති සාකච්ඡාවක දී ඒ පිළිබඳ තීරණය කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසයි.

ඒ අනුව අවම සේවකයින් පිරිසක් සේවයට කැඳවීම සඳහා වු නව චක්‍රලේඛය හෙට (10) දිනයේ දී නිකුත් කිරීමට නියමිතය.

එම තීරණය අනුව ගර්භනී කාන්තාවන් සේවයට කැඳවීම සම්පූර්ණයෙන් නවත්වා තිබේ.