සැර කොරෝනා වෛරස ප්‍රභේද පැතිරෙමින් තිබෙන හෙයින් අඩු තරමින් මාසයක කාලයක් අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිය නිවෙස්වලට වී කාලය ගත කරන්නැයි මෙම නව කොරෝනා වෛරස ප්‍රභේද පිළිබඳව පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා , ප්‍රතිශක්තවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මෙම සැර කොරෝනා වෛරස ප්‍රභේද නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළු නිශ්චිත ස්ථාන කිහිපයකින් දැනට හමුවී ඇතත් මේවා සමාජයට පැතිර නොයා වී යයි සිතිය නොහැකි බව ද ඔහු කීය .
මෙම ඉන්දියානු හා බ්‍රිතාන්‍ය වෛරස ඉතා වේගයෙන් පැතිරෙන ප්‍රභේද දෙකක් බවත් බ්‍රිතාන්‍ය ප්‍රභේදයේ සංකූලතා වැඩි බවත් ආචාර්යවරයා හෙළි කළේය .
මොන සැර ප්‍රභේද ආවත් ඒවා තමන්ගේ ඇඟ ඇතුළට නොගැනීම සියලු දෙනාගේ වගකීමක් බව කී චන්දිම ජීවන්දර මහතා නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීමෙන් වෛරස පරාජය කළ හැකි බවද කීවේය .






