Press "Enter" to skip to content

තවත් ගැබිනි මවක් කොවිඩ් නිසා මරුට

කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර සඳහා යොමුකර සිටි කොරෝනා ආසාදිත ගැබිනි මාතාවක අද (09දා) සවස මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මුල්ලේරියාව රෝහලේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් එක්මෝ ප්‍රතිකාර සඳහා යොමු කළ ද මවගේ හෝ දරුවාගේ ජීවිත බේරාගැනීමට නොහැකි වූ බව වෛද්‍යවරු පවසති.

44 වැනි වියේ පසුවූ මෙම කාන්තාව දරුවකු නොමැතිවීම හේතුවෙන් නල දරු ක්‍රමයෙන් දරුගැබක හිමිකාරියක වූවාය. කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලට යොමුකර එක්මෝ ප්‍රතිකාරයට යොමුකර සිටි ය දී සිහි මුර්ජා තත්ත්වයෙන් ම ඇය මීට දින කිහිපයකට පෙර මළ දරු උපතක් සිදුකළාය.

කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ මෙම කාන්තාව දින 11ක් පමණ එක්මෝ යන්ත්‍රයේ උපකාරයෙන් ප්‍රතිකාර ලැබූ බවයි. එසේ වුව ද වෛරසයේ බලපෑමෙන් ඇයගේ මොළය ඉදිමීමේ තත්ත්වයක් දක්නට ලැබුණු බව ඔවුහු පවසති.

More from GossipMore posts in Gossip »