Press "Enter" to skip to content

වරකදී නිවේදනය කළ වැඩිම ආසාදිත සංඛ්‍යාව අද

කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,732 දෙනකු අද (9) දිනයේ දී වාර්තා විය.

මෙය ‍වරකදී ‍නිවේදනය කෙරුණු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ද වේ.

මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,24,966 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතරින් ආසාදිතයන් 19,350 දෙනෙක් මේ වන විටත් රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිති.

එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 1,365 දෙනෙක් සුවය ලබා අද (9) රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,23,234 ක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

More from GossipMore posts in Gossip »