Press "Enter" to skip to content

සැමන් හොද්ද මතට වැටුණු කෝකියා මරුට…. කොරෝනාදැයි සැකයක්…

යාපනයේ පේදුරුතුඩුව ප‍්‍රදේශයේ අවන්හලක ආහාර පිසිමින් සිටි කෝකියකු අපස්මාරය රෝගය වැළදී ඔහු විසින් පිසිමින් සිටි සැමන් හොද්දට මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ යාපනය අල්වායී උතුරු ප‍්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි රාසයියා තීපන්කුමාර් නැමති අයෙකි. ඔහුව සැමන් හොද්ද පිසිමින් තිබූ විශාල තාච්චියට ඇද වැටීමෙන් පසුව ඔහුව පේදුරුතුඩුව මන්තිහෙයි රෝහලට ඇතුළත් කොට ඇති අතර ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ.

මේ පුද්ගලයාට කොරෝනා රෝගය වැළදී ඇති බවට සැක කෙරෙන නිසා පී.සී.ආර්. පරීක්ෂණයේ ප‍්‍රතිඵල ලැබෙන තුරු පශ්චාත් මරණ පරීක්ෂණය කල් දැමීමට මන්තිහෙයි රෝහලේ වෛද්‍යවරුන් තීරණය කොට තිබේ. පේදුරුතුඩුව පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

More from GossipMore posts in Gossip »