Press "Enter" to skip to content

ආසාදිතයෙක් සිටින නිවසක 16 හැවිරිදි දැරියක් හදිසියේ රෝගී වී ඇද වැටෙයි

කළුතර ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු රැඳී සිටින නිවසක සිටි 16 හැවිරිදි දැරියක් හදිසියේ රෝගී වී ඇද වැටීමත් සමග රෝහල්ගත කර ඇති සිද්ධියක් වාර්තා වෙයි.

අද (08) උදෑසන හුදකලා කරන ලද කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයේ නාගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසමේ විජිත මාවත ප්‍රදේශයේදී අදාළ හුදකලා කරන ලද ප්‍රදේශයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව එම දැරියව රෝහල්ගත කිරීමට හැකිවී තිබුණි.

අදාළ දැරිය රෝහලට රැගෙන යෑමට ගිලන් රථයක් පවා සොයා ගැනීමට අපහසු වී ඇති බැවින් නිවසේ තිබූ ත්‍රීරෝද රථයෙන් දැරියව රෝහලට රැගෙන ගොස් තිබේ.

ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට ඇති ගැටලුව නිසා අදාළ ආසාදිත පුද්ගලයා දැනට දින 4ක සිට නිවසේ වෙන්ව රඳවා ඇති බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

More from GossipMore posts in Gossip »