Press "Enter" to skip to content

එක ගමකින් ගම් 17 කට කොරෝනා බෝවෙලා

හම්බන්තොට මහ රෝහලේ සේවය කරන තිස්සමහරාම වීරවිල, කුඩාගම්මාන එකොළහ ප‍්‍රදේශයෙහි පදිංචි හෙද නිලධාරිනියක් ඇතුළු තිදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අලූතින් හඳුනා ගත් බව තිස්සමහරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර විජේමුණි මහතා ඊයේ (07 දා* පැවසීය.

සෙසු පුද්ගලයන් දෙදෙනා පවුලේ අඹුසැමි යුවළක් වන අතර ඔවුන් තිස්සමහරාම, දෙබරවැව ජිනරතන මාවතේ පදිංචිකරුවන් වේ. තිස්සමහරාම ජුල්පල්ලම ග‍්‍රාම නිලධාරි වසමෙන් ව්‍යාප්ත වූ කොරෝනා වෛරසය ග‍්‍රාම නිලධාරි වසම් 17 ක් පුරා පැතිරයෑම හේතුවෙන් මේ වනවිට තිස්සමහරාම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලූත් අවුරුදු කොරෝනා පොකුරේ අසාදිතයන්ගේ සංඛ්‍යාව මේවන විට 71 දක්වා ඉහළ ගොස් ඇතැයි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර විජයමුණි මහතා පැවසීය.

මෙසේ අලූතින් හඳුනා ගන්නා ලද කොරෝනාරෝගීන් 71 දෙනාගේ පළමු ආශ‍්‍රිතයන් වන පවුල් 238 කට අයත් පුද්ගලයන් 408 දෙනකු ඔවුන්ගේ නිවෙස්වල නිරෝධායනයට ලක්කර තිබෙන බවද ඔහු කීවේය. ආසාදිත පිරිස් මේ වනවිට හම්බන්තොට හා අඟුණුකොළපැලැස්ස කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල ප‍්‍රතිකාර ලබති.

More from GossipMore posts in Gossip »