Press "Enter" to skip to content

කරාපිටිය ශික්ෂණ රෝහලේ තිබූ මළ සිරුරු 7ක් කොවිඩ්

මෙම මළ සිරුරු අතරින් 03ක් නිවෙස්වලම මියගොස් සිටි අය

කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට යොමුකර තිබූ මළ සිරුරු 07ක් අද (07) කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි.

මෙම මළ සිරුරු අතරින් 03ක් නිවෙස්වලම මියගොස් සිටි අයගේ වන අතර ඉන්පසු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා බව තහවුරු වී ඇතැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර මහතා පවසයි.

අනෙක් පුද්ගලයන් 04 දෙනා කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය අය වෙති. මේ අනුව ඊයේ දිනයේ දී පමණක් කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයට කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 07 දෙනකුගේ මළ සිරුරු ලැබී තිබේ.

මොවුන් ඉමදුව, බද්දේගම, හික්කඩුව, බෝපේ පෝද්දල හා මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කෝට්ඨාසවල පදිංචිකරුවෝ වෙති.

More from GossipMore posts in Gossip »