Press "Enter" to skip to content

කොවිඩ් තෙවැනි රැල්ලේ ආසාදිත ගැබිනියන් 400ක්

ගර්භණී මවුවරු 5ක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන අතර අසාධ්‍ය ගර්භණී මවක් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකයේ එක්මෝ යන්ත්‍රය වෙත යොමු කරයි

කොවිඩ් ආසාදිත අසාධ්‍ය ගර්භණී මවක් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකයේ එක්මෝ යන්ත්‍රය වෙත යොමුකර ඇති බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවලගේ පැවැසීය.

ඊයේ (5දා) කොළඹදී ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

කොවිඩ් ආසාදිත ගර්භණී මවුවරු 400කට වැඩි ප්‍රමාණයක්

එසේම තවත් කොවිඩ් ආසාදිත වූ මවුවරු සිවුදෙනකු ශ්වසන අපහසුතා මත දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව ද විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේය.

ඉන් දෙදෙනකු මුල්ලේරියාව රෝහලේ සහ තවත් දෙදෙනකු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව ද ඔහු පැවැසීය.

එසේම මෙම කොවිඩ් තෙවැනි රැල්ල තුළ කොවිඩ් ආසාදිත ගර්භණී මවුවරු 400කට වැඩි ප්‍රමාණයක් වාර්තා වන බව ද ඔහු පැවැසීය.

කොවිඩ් ව්‍යාප්ත වීමත් සමග මෙරට ගර්භණී මවුවරු දහසකට (1000) පමණ කොවිඩ් ආසාදනය වී ඇති බව ද විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවලගේ සඳහන් කළේය. කොවිඩ් තුන්වන රැල්ල පැමිණි පසු මුල්ලේරියාව රෝහලේ පමණක් කොවිඩ් ආසාදිත ගර්භණී මවුවරු 174 දෙනකු පමණ දරුවන් බිහිකර ඇති බවද ඔහු පැවැසීය.

පසුගිය 4 වැනිදා ගර්භණී මවක් මියගියේ ආසාධ්‍ය තත්ත්වය මත තවත් රෝහලකට ඇය මාරුකර යන අතරමගදී බව ද විශේෂඥ වෛද්‍ය මයුරමාන දේවලගේ වැඩිදුරටත් සඳහන් කළේය.

More from GossipMore posts in Gossip »