Press "Enter" to skip to content

කොවිඩ් ගැබිණි මවුවරුන්ට රෝහල්වල පහසුකම් මදි

කොවිඩ් ආසාදනය වන ගැබිණි මවුවරුන් සංඛ්‍යාව ඉහළ යාම නිසා ඔවුන්ට ප්‍රතිකාර ලබාදීමට දැනට පවතින පහසුකම් ප්‍රමාණවත් නැතැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා අද (6) පැවසීය.

ගැබිණි මවුවරුන්ට රෝගය වැළඳීමේ හා සංකූලතා මතුවීමේ වැඩි අවදානමක් ඇති බැවින් ඔවුන් වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් ප්‍රතිකාර පහසුකම් ඉහළ නැංවිය යුතු බව ද සභාපතිවරයා සඳහන් කළේය.

පෙනහළු අකර්මන්‍ය වූවන් වෙනුවෙන් අවශ්‍ය වන එක්මෝ යන්ත්‍ර මේ වන විට මෙරට ඇත්තේ දෙකක් පමණක් බව කී විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා ගැබිණි මවුවරුන් වෙනුවෙන්ම වූ තවත් යන්ත්‍ර දෙකක පමණ අවශ්‍යතාවයක් තිබෙන බව ද කීවේය.

වෛද්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ 08, මොඩල්ෆාම් පාරේ පිහිටි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේදී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

More from GossipMore posts in Gossip »