Press "Enter" to skip to content

කොවිඩ් නිසා ඇතිවන දිලීර ආසාදනයක් ගැන හෙළිවෙයි

මෙම මාරාන්තික ආසාදනයෙන් බොහෝ රෝගීන්ගේ ඇස් පෙනීම නැතිවී යයි

කොවිඩ් වෛරසයේ බලපෑමෙන් ඇති වන දිලීර ආසාදනයක් සම්බන්ධයෙන් නවදිල්ලියේ පෞද්ගලික රෝහලක් තොරතුරු අනාවරණ කර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දිල්ලියේ පිහිටි ගංගා රාම් නමැති පෞද්ගලික රෝහල විසින් මෙම අනාවරණය සිදුකර තිබේ.

‘‘කළු දිලීර’’ හෙවත් ‘‘මියුකෝමයිකෝසිස්’’ යනුවෙන් මෙම දිලීරය හඳුන්වනු ලබයි.

පසුගිය වසරේ මෙම මාරාන්තික ආසාදනයෙන් බොහෝ රෝගීන්ගේ ඇස් පෙනීම නැතිවීම සිදු වූ බව මාධ්‍ය වාර්තා කරයි.

මෙම මාරාන්තික දිලීර ආසාදනය නිසා දිගු කලක් දැඩි සත්කාර ඒකකවල රඳවා සිටින හෝ ප්‍රතිශක්තීකරණ පද්ධතිය අඩපණ වූ රෝගීන් මරණයට පත්වීමේ වැඩි ඉඩක් පවතින බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.