Press "Enter" to skip to content

කිරි දානයෙන් කොරෝනා පොකුරක්

දොඩන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ පුහාඹුගොඩ ග්‍රාමනිලධාරී වසමේ ඇටෝරවිල ප්‍රදේශයේ පැවැති කිරි අම්මාවරුන්ගේ දානයක් ආශ්‍රයෙන් කොරෝනා ආසාධිතයන් 23 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ කියයි.

අම්මාවරුන්ගේ දානයකට සහභාගී වූ මවකට කොරෝනා ආසාධනය වී ඇති බව හෙළිවීමත් සමග එම කිරි දානයට සම්බන්ධ පිරිස් ආශ්‍රයෙන් සිදුකල පී.සී.ආර්. පරීක්ෂණ වලින් මෙම ආසාධිතයන් පිරිස හඳුනාගෙන ඇත.

මේ හේතුවෙන් එම ප්‍රදේශයට ඊයේ (5) සංචරණ සීමා පනවා වසා දැමීමට කටයුතු කල බව දොඩන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංග බලපිටිය මහතා පවසයි.

More from GossipMore posts in Gossip »