Press "Enter" to skip to content

නිරෝධනය වෙමින් සිටි ගුරුවරියට PCR කරන්න නිවසට ගිය PHI අතවර කරන්න හදලා

නිවසේ නිරෝධායනය වෙමින් සිටි පාසල් ගුරුවරියකට PCR පරීක්ෂණයක් සිදුකිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ගුරුවරියට අතවර කරන්න හදලා

පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරමින් සිටින අතරතුර පාසල් ගුරුවරියකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මුදාහරින ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් නාලක ජයසූරිය නියෝග කරනු ලැබුවා.

මෙසේ ඇප මත මුදාහැරියේ අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු වන යොහාන් අබේසේකර නමැති විවාහක සැකකරුවෙකි.

අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කළේ සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටි පාසල් ගුරුවරියකට PCR පරීක්ෂණයක් සිදුකිරීමට සැකකරු ඇගේ නිවසට ගොස් ඇති බවත් එහිදී ඔහු ගුරුවරියට ලිංගික අතවර කිරීමට තැත් කළ බවත්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන තවමත් අවසන්ව නොමැති නිසා සැකකරු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මුදාහරි

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පැවසුවේ සැකකරු ගුරුවරියකට අතවර කළ බවට එල්ල වන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

සැකකරු රාජකාරියකට ගිය අවස්ථාවේ නිරෝධායනය කර තිබූ එම නිවසට අනවසරයෙන් පැමිණ සිටි පුද්ගලයකු ඇතුළු පිරිසක් ඔහුට පහර දී රාජකාරියට බාධා කර ඇති බවය.

එසේ අධිකරණයට කරුණු පැහැදිළි කළ නීතිඥවරුන් සැකකරු ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස ද ඉල්ලා සිටියේය.

තමා රාජකාරියට ගිය අවස්ථාවේ පැමිණිලිකාර ගුරුවරියගේ නිවසේ සිටි පිරිසක් තමන්ට පොලුවලින් පහරදුන් බව පවසමින් සැකකාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ද පොලිසියට පැමිණිල්ලක් කර පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වී තිබේ.

More from GossipMore posts in Gossip »