Press "Enter" to skip to content

දෛනික ආසාදිතයින් 2,000 ඉක්මවිය හැකියි – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

ඉදිරි දින කිහිපයේදී මෙරට දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 2,000 සීමාව ඉක්මවනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අනතුරු අඟවයි.

එලෙස කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම කරුණු කිහිපයක් මත සිදුවන බව ඔහු පැවසීය.

වත්මන් කොවිඩ් -19 වෛරස තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද පස්වරුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා එම අදහස් පළ කළේය.

මේ අතර, රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V” එන්නතේ මාත්‍රා ලක්ෂ 130ක් මෙම වසරේදී මෙරටට ලබාදීමට අදාළ නිෂ්පාදන සමාගම එකඟතාව පළකර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

කොවිඩ් -19 වෛරසය මර්දනය සඳහා පවතින හොඳම විසඳුම එන්නත්කරණය බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

More from GossipMore posts in Gossip »