Press "Enter" to skip to content

මාලි ‘මව දරුවන් 09 දෙනෙකු බිහිකරයි

ගැහැණු ළමයින් පස් දෙනෙකු සහ පිරිමි ළමුන් සිව්දෙනෙකු බිහි කරලා

ඉතා දුර්ලභ අවස්ථාවක් ලෙස බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන මාලිහි මවක් දරුවන් 9 දෙනෙකු බිහිකිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම කාන්තාව ගැහැණු ළමයින් පස් දෙනෙකු සහ පිරිමි ළමුන් සිව්දෙනෙකු බිහි කර ඇති බව වාර්තා වී ඇත.

25 හැවිරිදි “හාලිමා සීස” නම් මෙම මව සිසේරියන් සැත්කමක් මගින් මෙම දරුවන් බිහි කර තිබෙන බව සඳහන්ය.

කෙසේ වෙතත් මින් පෙර වෛද්‍යවරුන් අනාවරණ කරගෙන තිබුණේ දරුවන් හත්දෙනෙකු ඇගේ ගර්භාෂයේ සිටින බවයි.

එම දරුවන් 09දෙනා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව වෛද්‍යවරු සඳහන් කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

More from GossipMore posts in Gossip »