Press "Enter" to skip to content

බම්බලපිටියේ සුපිරි සාදයට පොලිසිය පනී.. නිරූපණ ශිල්පිනියන් 7ක් ඇතුළු 25ක් අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බම්බලපිටිය මිලාගිරිය පටුමගේ රාති‍්‍ර සමාජ ශාලාවක පවත්වාගෙන ගිය සුපිරි සාදයක් වැටලූ පිටකොටුව පොලිසිය සුරූපී නිරූපණ ශිල්පිනියන් හත්දෙනකු ඇතුළු 25 දෙනකු පෙරේදා (3 දා* රාතී‍්‍ර අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු ඔත්තුවකට අනුව කළ වැටලීමකදී මෙම සුපිරි සාදයට පැමිණ නිරෝධයන නීති උල්ලංඝනය කළ සුරූපිනියන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි විය.

කොරෝනා වෛරසය තදින් කි‍්‍රයාත්මක වෙමින් පැවතීම නිසා රාති‍්‍ර සමාජ ශාලා, පි‍්‍රය සම්භාෂණ උත්සව ඇතුළු සියලූම සාද නතර කරන ලෙස පොලිසිය උපදෙස් දී තිබිණි.

එම උපදෙස් උල්ලංඝනය කිරීම නිසා අත්අඩංගුවට ගත් සුරූපිනියන් ඇතුළු 25 දෙනා අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පිටකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වෙන සාද උත්සව සමාජ ශාලා වැටලීමේ මෙහෙයුම් දිගටම කි‍්‍රයාත්මක කරගෙන යන බව මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

More from GossipMore posts in Gossip »