Press "Enter" to skip to content

මාමා ළඟ නිදාගන්න ගිය දැරිවියට වෙච්ච හදියක්

දෙමාපියන් සමග තරහා වී රාත‍්‍රි කාලයේ මාමා ළග නිදාගත් 06 හැවිරිදි දැරියව බරපතළ ලිංගික අප
යෝජනයකට ලක් කළ සැකකාර මාමාව ලබන 11
වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙසට
ගම්පහ වැඩබලන මහෙස්ත‍්‍රාත් ප‍්‍රසන්න රණවක
මහතා 02 වැනිදා නියම කළේය.

ජා-ඇල, යක්කඩුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන
රුවන් සිසිර ප‍්‍රනාන්දු නැමති සැකකරුව මෙසේ
රිමාන්ඞ් භාරයට පත් කෙරුණි.

සැකකරු වින්දිත දැරියගේ පියාගේ
සොහොයුරියගේ සැමියා බවත් සැකකරු නිතර
නිතර දැරියගේ නිවසට පැමිණෙන අයෙකු බවත්
පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි
ගනේමුල්ල පොලිසිය අධිකරණය හමුවේ කීය.

බීමත්ව දැරියගේ නිවසට පැමිණ ඇති සැකකරු රාත‍්‍රි
කාලයේ දැරියගේ නිවසේ සාලයේ බිම නිදා සිටියදී
දෙමාපියන් සමග තරහාවී දැරිය සැකකාර මාමා ළගට නිදා ගැනීමට ගොස් ඇති බවත් මව දැරියව
කාමරයට රැුගෙන යෑමට සාලයට පැමිණි අවස්ථාවේ
සැකකරු දැරියව බරපතළ ලිංගික අපයෝජනයට
ලක් කර සිට ඇති බවට මව විසින් පැමිණිලි කර
ඇති බව අධිකරණය හමුවේ පැවසූ පොලිසිය දැරියව
රාගම රෝහලට ඇතුළත් කර ඇති බවත් පැවසීය.
නඩුව නැවත 11 වැනිදාට කැඳවීමට නියම කෙරුණි.

More from GossipMore posts in Gossip »