Press "Enter" to skip to content

මහරගම කොවිඩ් රැල්ල දරුණු අතට

මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පොල්වත්ත සහ පමුණුව යන ග්‍රාම නිලධාරී වසම් දෙකේ කොරෝනා රෝගීන් වැඩිවීම හේතුවෙන් එම ප්‍රදේශ ඉදිරියේදී හුදකලා කිරීමට සිදුවනු ඇති බව මහරගම සෞඛ්‍ය නිලධාරීනි වෛද්‍ය රිසිනි මාරසිංහ පැවසුවාය.

මේ අතර කොට්ටාව, ගොඩිගමුව, නාවින්න යන ග්‍රාම නිලධාරී වසම්වලද, කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව දිනපතා වර්ධනය වෙමින් පවතින බවද ඇය පැවසුවාය. සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලයෙන් පසු මහරගම සෞඛ්‍ය ​වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 200 දක්වා වර්ධනය වී තිබේ.

More from GossipMore posts in Gossip »