Press "Enter" to skip to content

ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් තවත් කොවිඩ් පොකුරක් – ආසාදිතයන් 80ක් හමුවෙයි

දිවුලපිටිය දියගම්පල ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 80දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇත.

සෞඛ්‍ය අංශ සදහන් කළේ එම සේවක සේවිකාවන්ට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලින් ඒ බව තහවුරු වූ බවයි.

ඒ අනුව එම ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 175දෙනෙකු ද ස්වයං නිරෝධානයට යොමු කර තිබේ.

එම කර්මාන්ත ශාලාවේ 350දෙනෙකු පමණ සේවය කරන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

More from GossipMore posts in Gossip »