Press "Enter" to skip to content

කුළුඳුල් දරුවා අපේක්ෂාවෙන් සිටි ගැබිණියක් කොවිඩ් වැලඳී මියයයි

සිය කුළුඳුල් දරුවා අපේක්ෂාවෙන් සිටි මවක් කොවිඩ් ආසාදනයවීමෙන් කොවිඩ් නිව්මෝනියා තත්ත්වය උත්සන්නවීමෙන් ඊයේ (04) මියගොස් තිබුණි.

ඒ රාගම රෝහලේ දීය. ඇය රාගම නාරංගොඩපාලුව ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

තුන් මස් ගැබිනියක් වූ 45 හැවිරිදි එම ගැබිණිය අසනීප තත්ත්වයක් හේතුවෙන් මීට දින කිහිපයකට පෙර රාගම රෝහලට ඇතුළත් වී තිබුණි.

එහිදී ඇයට ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව නිවෙස වෙත පිටත්කර හැට තිබුණත් යළිත් අසනීප තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් ඇය රාගම රෝහල වෙත පැමිණ තිබුණි.

එහිදී ඇයට සිදුකළ PCR පරීක්ෂණයකින් ඇය කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව ඇයව මිනුවන්ගොඩ රෝහල වෙත මාරුකර යවා ඇති අතර එහිදී අසාධ්‍යවීමෙන් යළිත් රාගම රෝහල කරා රැගෙන ඒමට කටයුතු කර ඇත.

ගැබිණි කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එලෙස රාගම රෝහල වෙත රැගෙන ඒමෙන් අනතුරුවය.

ඇයගේ දේහය බටුවත්ත පොදු සුසාන භූමියේදී අද (05) ආදාහනය කෙරිණි.

More from GossipMore posts in Gossip »