Press "Enter" to skip to content

ඉංගිරියෙන් ආසාදිතයින් 47ක්

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ කොරෝනා රෝගීන් 47 දෙනෙකු වාර්තා වී ඇති බව ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

රයිගම්වත්ත ග්‍රාම නිලධාරී වසමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන අතර රොගීන් ගණන 10කි.

ඊට අමතරව නම්බපානින් 05ක්ද, ඉංගිරිය නැගෙනහිරින් සහ මහ ඉංගිරියෙන් 04 බැගින්ද ලෙස රෝගීන් වාර්තාවී ඇත.

මේ වනවිට රෝගීන් හමුවී ඇති සමස්ත ග්‍රාම නිලධාරී වසම් ගණන 18කි.

පවුල් 105කට අයත් සාමාජිකයින් නිරෝධායනයට යොමුකර ඇති බවද ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැඩිදුරටත් පවසයි.

More from GossipMore posts in Gossip »