Press "Enter" to skip to content

දිස්ත්‍රික්ක 05ක ග්‍රාම නිලධාරී වසම් 09ක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ

දිස්ත්‍රික්ක පහක ග්‍රාම නිලධාරී වසම් 09 ක් මේ මොහොතේ සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ විල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරී වසමත්, කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ බෝම්ඹුවල ග්‍රාම නිලධාරී වසමත් මෙලෙස හුදෙකලා කර ඇති බවයි.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ ඇල්දෙණිය – පල්ලිය පටුමග සහ රණවිරු ධර්මසිරි මාවත යන ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කර තිබෙනවා.

ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ ගඟුල්විටිය, රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පොතුපිටිය උතුර සහ කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ යන ග්‍රාම නිලධාරී වසම්ද මේ මොහොතේ සිට හුදෙකලා කර තිබෙනවා.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ ඉන්ජස්ටි්‍ර සහ හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝඩයිස් වත්ත ග්‍රාම නිලධාරී වසම්ද හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

More from GossipMore posts in Gossip »